කොරෝනා පොකුරුවල ආරම්භක ස්ථානය හොයාගන්න බෑ


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  

(දයාසීලි ලියනගේ)

කොරෝනා රෝගීන් ‘සමූහ පොකුරු’ වශයෙන් ඇතිවීම නිසා මේ වෙන විට මෙම රෝගී පොකුරුවල ඇතැම් ආරම්භක ස්ථාන සොයාගත නොහැකි තත්ත්වයක් උද‌ාවෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.  

මේ අනුව කොරෝනා රෝගය සමාජගතවීමේ නිවේදන නිකුත් කිරීමට සිදුවන අන්තිම අවද‌ානම් තත්ත්වයට ශ්‍රී ලංකාව පත්ව සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කීය.  


කොරෝනා රෝගීන් තුළ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම අවම වී තිබීම බෙහෙවින් වාසි සහගත තත්ත්වයක් වී ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.  


පවතින වාතාවරණය යටතේ ගිය සතියේ ප්‍රකාශවීමට නියමිතව තිබූ වයිරසයේ ප්‍රභේදය හා මෙවර කොරෝනා මූලාරම්භය පිළිබඳ වාර්තා දෙකක් ගිය බ්‍රහස්පතින්ද‌ා වෙනතුරුත් ලැබී නොතිබුණු බව ද වෛද්‍ය සොයිසා මහතා ප්‍රකාශ කළේය.  


කෙසේ වුවත් මේ වෙන විට මෙවර කොරෝනා වයිරසයේ ආරම්භය ගැන සොයනවාට වඩා දිනෙන් දින වැඩිවෙන රෝගීන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට අවශ්‍ය සාකච්ඡා පවත්වන බව ද ඔහු කීය.