කොරෝනා පොකුරු සොයන්න යළිත් පී.සී.ආර්.


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  

(දයාසීලි ලියනගේ)  

කොරෝනා වසංගතය අවසන් වෙමින් යන බවට බහුතරයක් ජනතාව තුළ මතයක් ගොඩනැගෙමින් පැවතුනත් ​පොකුරු ඇතිවිය හැකි අවදානම් ප්‍රදේශ තෝරා ගෙන පී.සී.ආර්. පරීක්ෂණ සමාජ නියැදි මට්ටමින් කළ යුතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කීය.  

කොරෝනා එන්නත ලබාදීමත් සමග පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමේ යම් අඩුවක් පවතින බව ද වෛද්‍ය සොයිසා මහතා කීය.  
සිංහල අලුත් අවුරුදු සමයේ ජනතාවගේ හැසිරීම මත කොරෝනා තත්ත්වය පිළිබඳව ඉදිරි සති දෙක ඇතුළත දී තොරතුරු ලබා ගත හැකි වෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.  


කොරෝනා සම්බන්ධයෙන් පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් ක්‍රමයෙන් බැහැර වෙමින් පැවතීම තුන්වැනි රැල්ලක ආරම්භය බව ද ඔහු කීය.