කොරෝනා දෙවැනි රැල්ලකට අවධානයෙන් සිටිය යුතුයි


ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවූවා

  • රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය   

(දයාසීලි ලියන​ගේ)   

කොරෝනා දෙවැනි රැල්ලක් ඇති විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇති නිසා ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට පෙන්වා දී ඇත.   

මේ රටේ දැනට නාවික හමුදා රෝගී පිරිස හා පිටරටින් පැමිණි පිරිස වශයෙන් පොකුරු දෙකක් පවතින අතර අනෙකුත් සියලුම දෙනාට සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීමට තව තවත් දිරි ගැන්විය යුතු බව පෙන්වා දී ඇතැයිද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සංගමයේ සහකාර ලේකම් නවින්ද සොයිසා මහතා කීය. 

 
නාවික හමුදාවේ රෝගීන් සංඛ්‍යාව වැඩිවීමක් දක්නට ලැබෙන අතර ඔවුන් නිරෝධායනය කිරීම මේ වෙනවිට යුද හමුදාව බාරයට පමුණුවා ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.   


මේ වෙනවිට නිරෝධායන මධ්‍යස්ථාන පිරී පවතින නිසා විශේෂ අවධානය යොමු කරන ලෙසට පෙන්වා දී ඇතැයිද වෛද්‍ය නවින්ද සොයිසා මහතා වැඩිදුරටත් කීය.