කොරෝනා කාලේ මැතිවරණයට වියදම කෝටි 1300යි


සාමාන්‍ය වාතාවරණයකදී වියදම කෝටි 700යි

(දයාසීලී ලියනගේ)

කොවිඩ් 19 වසංගත කාලයේ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1300ක පමණ මුදලක් වැය කිරීමට සිදුවෙන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. 

සාමාන්‍ය වාතාවරණය යටතේ මැතිවරණය පැවැත්වීමට කෝටි 700ක පමණ මුදලක් වැය වෙතැයි දළ වශයෙන් ගණන් බලා තිබුණි. එහෙත් කොරෝනා වාතාවරණය යටතේ සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ඡන්දය පැවැත්වීම සඳහා මීට අමතරව තවත් රුපියල් කෝටි 600ක පමණ මුදලක් වැය කිරීමට සිදුවෙන බව පක්ෂ ලේකම්වරුන්ගේ සාකච්ඡාවේදී අනාවරණය වී ඇත. 


රාජකාරියේ යෙදෙන නිලධාරීන්ට අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂක උපකරණ සැපයීම, ඡන්ද මධ්‍යස්ථාන සඳහා වැඩි ඉඩක් ලබාගැනීම, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව වැඩි කිරීම, රජයේ සේවක දීමනාව හා සෞඛ්‍ය උපදෙස් මත කටයුතු කිරීම සඳහා අමතරව රුපියල් කෝටි 600ක පමණ මුදලක් වැය කිරීමට සිදුවෙනු ඇත. කෙසේ වෙතත් ජූනි 20 වැනිදාට නියමිත ඡන්දය කල් දැමීම පිළිබඳවත්, අපේක්ෂක මනාප අංක ලබාදීම පිළිබඳවත් ලබන 19 දිනෙන් පසු තීරණය කරනු ලබන බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.