කොරෝනා අවදානම අවසන් නෑ


බොරැල්ල වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ  

(නිශාන්ත කුමාර බණ්ඩාර)  

සමාජයෙන් පොකුරුපිටින් කොරෝනා ආසාදිතයන් වාර්තා නොවූව ද, කොරෝනා අවදානම සම්පූර්ණයෙන්ම පහව ගොස් නැතැයි බොරැල්ල වෛද්‍ය පර් යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.  

ජනතාව නිසි සෞඛ්‍ය ක්‍රම අනුගමනය කරන ආකාරය ඉදිරියටත් ක්‍රියාත්මක කළ යුතු බවත්, සෞඛ්‍ය අංශවලින් කෙරෙන කාර්යය ඒ ආකාරයෙන්ම ඉටු කරන බව ඔහු සඳහන් කළේය.  
සමාජයෙන් රෝගීන් වාර්තා නොවීමට ජනතාව වගබලා ගත යුතු බවත්, ඉදිරියේදී ඔවුන්ගේ හැසිරීම වෙනස් වුවහොත් යළි කොරෝනා ආසාදිතයන් මතුවීමේ අවදානමක් ඇතැයි ඔහු පෙන්වා දෙයි.  


වයිරසය 100%ක් අවසන් කිරීමට කොහෙත්ම නොහැකි වන අතර, එයින් ආරක්ෂා වීමට ජනතාව වග බලා ගත යුතු බව ද ඔහු සඳහන් කරයි.