කොරෝනා වෛරසය රසායනාගාරයකින් පැන්නූ එකක්?


(ලුසිත ජයමාන්න)   

චීනයේ හුබෙයි ප්‍රාන්තයේ ‘වුහාන්’ අගනුවරින් පැතිර ගිය කොරෝනා වෛරසය සතුන්ගෙන් මිනිසුන්ට පැතිර ගිය වෛරසයක් නොව රසායනාගාරයක වැඩි දියුණු කළ ජීව අවියක් බව ‘ග්‍රේට් ගේම් ඉන්දියා’ වෙබ් අඩවිය සහ ඊශ්‍රායල පුවත් වෙබ් අඩවි කිහිපයක් සැක පළ කරයි.   

එම පුවත් අඩවිවල දැක්වෙන්නේ 2013 වසරේදී අරාබි රටක රෝගියකුගෙන් හමුවූ කොරෝනා වර්ගයේ වෛරසයක් කැනඩාවේ විනිපෙග්හි පිහිටි ජාතික ක්ෂුද්‍රජීව විද්‍යා රසායනාගාරයේ පරීක්ෂණයකට යවා තිබියදී එහිදී තවත් වැඩි දියුණු කර ඇති බවය. ලොව අති දරුණු මාරක වෛරස ගබඩා කර තැබෙන අධි ආරක්ෂිත රසායනාගාර අතරින් උතුරු ඇමරිකාවේ ප්‍රධාන රසායනාගාරය වන්නේ මෙයයි. වැඩි දියුණු කළ මෙම ​වෛරසය ආසාදනය කළ හැක්කේ කුමන සතුන්ට දැයි විද්‍යාඥයන් පරීක්ෂණ පවත්වමින් සිටියදී 2019 වසරේදී මෙම වෛරසය පරීක්ෂණාගාරයෙන් අතුරුදන්වූ බවත් එහි සේවය කළ චීන විද්‍යාඥයන් දෙදෙනකු මෙම වෛරසය චීනයට නැව්ගත කරනු ලැබ ඇතැයි එහිදී හෙළිවුණු බවත් එම පුවත් අඩවියේ සඳහන්වේ.   


චීනයට රහසේ ගෙන ආ එම වෛරස සාම්පලය වුහාන් නගරයේ වෛරස පර්යේෂණාගාරයේදී යම් පරීක්ෂාවකට ලක් කර ඇතැයිද එහිදී මෙම වෛරසය සමාජයට මුදා හැරෙන්නට ඇතැයිද එම පුවත් අඩවියේ වැඩි දුරටත් සඳහන්වේ.