කොකේන් කිලෝ 769 ක් හෙට පුත්තලමේදී ගිනි දෙවියාට


(දයාසීලි ලියනගේ)  

අත්අඩංගුවට ගන්නා ලද කොකේන් කිලෝ 769 ක් අප්‍රේල් පළවැනිද‌ා (හෙට) දිනයේදී පුත්තලම සිමෙන්ති කම්හල භූමියේදී විනාශයට පත්කරනු ලබයි.  

මෙම කොකේන් තොගයේ වර්ගය, බර ආදී කරුණු තහවුරු කිරීමෙන් පසු දියර කර පුච්චනු ලබන බව මත්ද්‍රව්‍ය නිවාරණ අධ්‍යක්ෂ සමන්ත කිතලවආරච්චි මහතා කීය.  
ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයට අනුව මෙම කොකේන් තොගය විනාශ කරනු ලබන අතර එම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගි වෙන බව කිතලවආරච්චි මහතා ප්‍රකාශ කළේය.  මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරීමේ අවස්ථාව නැරඹීමට මහජනතාවට ද අවස්ථාව සලසා ඇත.