කෘත්‍රිම රා නිෂ්පාදයෙන් වසරකට රජයට බිලියන 80ක් අහිමියි


(දයාසීලි ලියනගේ)  

කෘත්‍රීම රා නිෂ්පාදනය හේතුවෙන් රජයට වාර්ෂිකව රුපියල් බිලියන 80ක පමණ මුදලක් අහිමි වී ඇතැයි අනාවරණය වේ.  

අරක්කු නිෂ්පාදනයට ගන්නා පොල් රා මුවාවෙන් අරක්කු නිෂ්පාදනයට බදු නොගෙවන කෘත්‍රම රා නිෂ්පාදනය කර විනාකිරි පානීය රා සහ අරක්කු නිෂ්පාදනය වෙනුවෙන් භාවිතා කරනු ලබන බව මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ලිඛිතව දන්වා අැත.  


යූරියා, ඇමෝනියා, සීනි, යීස්ට්, පරණ දුරකතන බැටරි, කටුකම්බි ආදිය මිශ්‍රකර පිළියෙල කරනු ලබන කෘත්‍රිම රා නිෂ්පාදනය දිගින් දිගටම සිදුවන බවද මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත.