කුසලාන දෙන්න ක්‍රීඩකයන්ගෙන් සල්ලිගන්න දේශපාලකතුමා


රටක හැටි

ක්‍රීඩා තරගාවලි සංවිධානය කර තමන්ගේ නමින් කුසලාන පරිත්‍යාග කරනු ලබන දේශපාලනඥයෙක් මෙම කුසලානවලට හැම ක්‍රීඩකයෙකුගෙන්ම මුදල් අයකරන බව වාර්තා වේ.  

මෙම දේශපාලනඥයා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් ද වෙයි.  


මෙවර මැතිවරණයට තරග කිරීමට බලාපොරොත්තුවෙන් මෙම දේශපාලනඥයා තම දිස්ත්‍රික්කයේ සියලු ආසනවල සැරිසරමින් ක්‍රීඩා තරගාවලි පවත්වයි.  
ජයග්‍රාහී කණ්ඩායමට ඔහු තමන්ගේ නමින් කුසලානයක් ප්‍රදානය කරන්නේ ක්‍රීඩකයන්ගෙන් මුදල් එකතු කර බව ද වාර්තා වේ.