කුණු ටොන් 300කින් පොහොර හදනවා


(අජන්ත කුමාර අගලකඩ)  
කොළඹ නගරයේ දිනපතා එකතුවන කුණු මෙට්‍රික් ටොන් 700න් 400ක්ම සම්පත් බවට පත් කරමින් තිබෙන බව මහනගර සහ බස්නාහිර ප්‍රදේශ සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.  

එම කුණු මෙට්‍රික් ටොන් 400න් 300ක්ම කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයට යොදා ගන්නා බවත් ඉතිරි මෙට්‍රික් ටොන් 100 ප්‍රතිචක්‍රීයකරණය කරන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.  


කොළඹ නගරයේ දිනකට එක් රොක්වන කැළි කසළ මෙට්‍රික් ටොන් 700න් අපද්‍රව්‍ය ලෙස බැහැර කෙරෙන්නේ මෙට්‍රික් ටොන් 300ක පමණ ප්‍රමාණයක් බවද ඇමැති රණවක මහතා කීවේය.  


මේ අතර කොළඹ නගරයේ කුණු ඉවත් කිරීමේ කටයුතු විධිමත් කිරීම සඳහා ප්‍රජා නායකයින් 525 දෙනකු ඉදිරියේදී පත්කරන බවද ඔහු සඳහන් කළේය.