කුණු කන්ටේනර් ගෙනා දෙන්නෙක් ඉහළ තනතුරු ඉල්ලලා


(දයාසීලි ලියනගේ) 

කුණු කන්ටේනර් 11ක් මෙරටට ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින විධායක අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක් එම ආයතනයේම අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා ඉල්ලුම් කර ඇති බව වාර්තා වේ. 

ඉහළ තනතුරුවලට පත් කිරීමේ සුදුස්සන් තේරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කරන ලද කමිටුවට මෙම චූදිත අධ්‍යක්ෂවරු දෙදෙනා ද, අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා ඉල්ලුම් කර ඇතැයි වාර්තා වේ. 


මෙම චූදිත නිලධාරීන් දෙදෙනාගේ සේවය අත්හිටුවා පරීක්ෂණයක් කරන ලෙසට එවකට සිටි ඇමැතිවරයා හා ලේකම්වරයා නියම කර ඇතත්, එසේ කළහොත් ආයතනයේ ගරුත්වයට හානියක් වෙන නිසා එම නියමය ක්‍රියාත්මක කර නැති බව දැනගන්නට ඇත.