කිසිම දේශපාලන පක්ෂයක් ගැන අපට විශ්වාසයක් නැහැ


ගජේන්ද්‍ර කුමාර පොන්නම්බලම්

(නිශාන්ත කුමාර බණ්ඩාර) 

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන දේශපාලන පක්ෂ අපේක්ෂකයන් පිළිබඳව කිසිදු විශ්වාසයක් දෙමළ ජනතාව තුළ නැතැයි දෙමළ ජාතික මහජන පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා පවසයි. 

රට නොබෙද‌ා දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් යම්කිසි ආකාරයකට ඉෂ්ඨ කරන කිසිම වැඩපිළිවෙළක් කිසිදු අපේක්ෂකයෙකු ප්‍රකාශ කර නැතැයි ඔහු සඳහන් කළේය. 
කෙසේ වෙතත් මේ පිළිබඳ දිගින් දිගටම සාකච්ඡා කරගෙන යන බවත් නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය සමඟ සාකච්චා කරමින් සිටින බව ඔහු පැවසීය. 
දෙමළ පක්ෂ එකතු වී පොදු තීරණයකට එළැඹිය යුතු බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවත් ඒ තීරණය කල් නොදමා ක්‍රියාත්මක කළ යුතු බවත් ඔහු සඳහන් කළේය. 


කිසිදු අපේක්ෂකයෙකුට ඡන්දය ලබා නොදීමේ ස්ථාවරයේ තමන් සහ තම පක්ෂයේ තීරණයේ වෙනසක් කර නැතැයි දෙමළ ජාතික මහජන පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා පැවසීය.