කිරිපිටි මිල වැඩි කරන්න සමාගම් අවසර පතයි


(මහින්ද නිශ්ශංක)  

කිරිපිටි කිලෝවේ පැකට්ටුව රුපියල් 100 කින්ද ග්‍රෑම් 400 පැකට්ටුව රුපියල් 40 කින්ද වැඩි කිරීම සඳහා ආනයනික කිරිපිටි සමාගම් පාරි​ෙභා්ගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අවසර ඉල්ලා ඇත.

ලෝක වෙළෙඳ පොළේ කිරිපිටි මිල සියයට 35ත්‍ 40ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව සඳහන් කර ඇති කිරිපිටි සමාගම් විශේෂයෙන් රුපියලට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ අගය වැඩිවීම ද සමාගම්වලට තදබල ලෙස බලපා ඇතැයි ද සඳහන් කරයි. 

 
මීට මාස 4කට 5කට පමණ පෙර ඇමෙරිකානු ඩොලර් 3200 ක් පමණ වූ කිරි පිටි මෙට්‍රික් ටොන් එකක් අද ඩොලර් 3900 දක්වා ඉහළ ​ගොස් ඇතැයි ද පවසන එම සමාගම් මේ තත්ත්වය මත දැනට පවතින මිලට කිරිපිටි තවදුරටත් අලෙවි කිරීමට නොහැකි බව ද කියා සිටී.  


දැනට කිරිපිටි කිලෝ පැකට්ටුවක පාලන මිල රුපියල් 945 ක් වෙන අතර ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 385 ක් වේ.