කැලෑ වැදී ඇති ඉඩම් ඩෙංගු මර්දනයට බාධාවක්


(දයාසීලි ලියනගේ)   
විදේශවල පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන් ලක්ෂයකට අධික පිරිසගේ මෙරට පිහිටි නිවාසවල කසළ ප්‍රශ්නය හා ඒ ඉඩම් කැලෑවැදී තිබීම 
ඩෙංගු මර්දනයට බරපතළ තර්ජනයක් වී ඇත.   

මෙවැනි නිවාස පරීක්ෂා කිරීමට ඇති බාධාවන් වැළැක්වීමට පියවර ගත යුතුව ඇතැයි ඇමැති පාඨලී චම්පික රණවක මහතා කීය.   
මීට අමතරව ප්‍රධාන ඇළ මාර්ග පිරිසිදු කර නිවාස 250ක් පමණ ඉවත් කර ඇත.   
වැල්ලවත්ත ඇළේ ගොඩනැගිලි 400ක් පමණ පවතින අතර ඒවා කඩා ඉවත් නොකළ හැකි තත්ත්වයක් පවතින බවද ඇමැතිවරයා කීය.   
මෙම ගොඩනැගිලිවලින් දඩයක් අය කිරීමට දැනට තීරණය කර ඇත. තට්ටු හත අටක ගොඩනැගිල්ලක් කඩා දැමීම සරල කටයුත්තක් නොවන බවද ඔහු ප්‍රකාශ කළේය.