කරුණා අම්මාන්ට ඡන්ද තිස්දාහයි පාර්ලිමේන්තුව අහිමියි


(දයාසිලි ලියනගේ)  

දෙමළ මහ සභාව පක්ෂයෙන් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයට තරග කළ විනයාගමුර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් ඡන්ද 30285 ක් ලබා ඇතත් ඔහුගේ පක්ෂයට මන්ත්‍රීධුරයක් හිමි නොවීය.     

වර්ෂ 2010 දී ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙසට පාර්ලිමේන්තුව නියෝජනය කළ ඔහු දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ පළමු අවස්ථාව මෙයයි.  


ඔහුගේ පක්ෂයෙන් තවත් හත් දෙනෙක් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වුවත් එම සියලු දෙනාම පරාජයට පත්වූහ. කරුණා අම්මාන් ඉකුත් මැතිවරණ වේදිකාවකදී තමන් පොලිසියේ 600ක් හා හමුදා නිලධාරින් දෙතුන්දාහක් මරා දැමූ බවට කරන ලද ප්‍රකාශය මහත් ආන්දෝලනයකට හේතුවිය.