කර්නල් රත්නප්‍රිය බන්දුට හමුදාවේ ඉහළ ඇගයීමක්


(දයාසීලි ලියනගේ)  

යාපනය, කිලිනොච්චිය, මුලතිව් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අණදෙන නිලධාරි කර්නල් රත්නප්‍රිය බන්දු මහතා විශ්වමඩු අණදෙන මූලස්ථානයේ සිට එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිටි පිරිස් පුනරුත්ථාපනය කර ඔවුන් 

සමාජගත කිරීමට කරන ලද ප්‍රශංසනීය වැඩ පිළිවෙළ නිසා උසස්වීමක් ලබාදීමේදීත් සේවය දිගු කිරීමේදීත් ඔහුට ධනාත්මක බලපෑමක් සිදුවනු ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවැසීය.

පරිපාලන හේතු මත වසර 5 ක සේවා කාලයෙන් පසු ඒ මහතා ස්ථාන මාරුකර යවා ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.  


ස්ථාන මාරුව ලබා යන අවස්ථාවේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් හා ප්‍රදේශවාසින් හඬා වැළපීමෙන් පෙන්නුම් කරන්නේ කර්නල් රත්නප්‍රිය බන්දු මහතා ඉතා සංවේදී ලෙස කටයුතු කර තිබෙන ආකාරය මත බවද මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් අතපත්තු මහතා කීය. මෙම කරුණ අදාළ කර්නල්වරයාගේ ඉදිරි සේවා කටයුතුවලට ඉමහත් ආශිර්වාදයක් වනු ඇතැයිද ඔහු කීය.