කට පරිස්සම් කරගන්න


මහින්දගෙන් 
ඒකාබද්ධයට අවවාද  

(අජන්ත කුමාර අගලකඩ)  
මතවාද ප්‍රකාශ කිරීමේදී පරිස්සම් ​ෙවන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත.  

කොළඹ විජේරාම මාවතේ ඉකුත් අඟහරුවාදා පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ රැස්වීමේ දී හිටපු ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කර ඇත.  


මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමේ දී කණ්ඩායමක් ලෙස සාකච්ඡා කර පොදු මතයකට පැමිණීම වැදගත් බව පවසා ඇති හිටපු ජනාධිපති රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයේ බෙදීමක් ගැන මතවාදයක් වපුරන්නට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බවද පවසා තිබේ. එබැවින්, ඒකාබද්ධ විපක්ෂය බෙදිලා යැයි කියමින් ආණ්ඩුවට දේශපාලන වාසි ගන්නට ඉඩ නොදී වගකීමෙන් කටයුතු කරන්නැයි ද හිටපු ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා ඇත.