ඖෂධ නිෂ්පාදන සමාගම්වලට මුදල් අමාත්‍යාංශයෙන් පොලු තියලා


(දයාසීලි ලියනගේ) 

මෙරට ඖෂධ නිෂ්පාදනය කරනු ලබන සමාගම්වලට මුදල් අමාත්‍යාංශයෙන් ගෙවිය යුතු රුපියල් බිලියන 20 ක හිඟ මුදල් නොගෙවීම නිසා ඖෂධ නිෂ්පාද කටයුතු අඩාළ වෙන තත්ත්වයක් උද‌ා වී ඇතැයි වාර්තා වේ. 

 සෞඛ්‍ය අමාත්‍යාංශය හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සමඟ ඒකාබද්ධව ඖෂධ නිෂ්පාදනය කරනු ලබන සමාගම් මේ තත්ත්වය නිසා ගැටලු රාශියකට මුහුණ පා ඇති බව සඳහන් වේ. 


මෙම මුදල් ලබා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මුදල් අමාත්‍යාංශයට සිහි කැඳවීම් ගණනාවක් කර ඇතත් මෙතෙක් ඒ සඳහා විධිමත් ප්‍රතිචාරයක් ලැබී නැති බව වාර්තා වේ. 


 මේ තත්ත්වය නිසා දේශීය ඖෂධ නිෂ්පාදනවල හිඟයක් ඇතිවීමට ඉඩ තිබෙන බව ද සඳහන් වේ.