ඒකාබද්ධයේ ත්‍රිමලේ ජනහමුවට අනුරපුරෙන් රථ පෙළපාලියක්


(දයාසීලි ලියනගේ)  
මුස්ලිම් ජනතාව​ෙග් හොඳ හිත වර්ධනය කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය මගින් ත්‍රිකුණාමලය නගරයේ හෙට (3) පවත්වන ජනහමුවට සහභාගි වීම සඳහා අනුරාධපුර නගරයේ සිට රථ පෙළපාළියක් පැවැත්වේ.  

මෙම රථ පෙළපාළියට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු හා ප්‍රාදේශීය දේශපාලනඥයන් විශාල පිරිසක් සහභාගි වෙන බව ඒකාබද්ධ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සිසිර ජයකොඩි මහතා කීය.  


 මුස්ලිම් ජනතාව​ෙග් හොඳ හිත වර්ධනය කරගැනීමට අමතරව ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව එම ජනතාව දැනුවත් කිරීම මෙම ජනහමුවේ අරමුණ බවද ඒ මහතා ප්‍රකාශ කළේය.