ඒකාබද්ධයෙන් ත්‍රි’මලයේ මහ රැළියකට සැලසුමක්


(දයාසීලි ලියනගේ)  
ඒකාබද්ධ විපක්ෂය අගෝස්තු මස 3 වැනිදා ත්‍රිකුණාමලය නගර​ෙය් මහා රැලියක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.  


ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ලබන සතියේ සිට සෑම සති අන්ත දිනයකදීම ත්‍රිකුණාමලයේ ආසන මට්ටමින් ජනතාව දැනුවත් කිරරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ලබන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සිසිර ජයකොඩි මහතා පැවසීය.  


මුස්ලිම් ජනතාවට එරෙහිව රජය ගෙන යන වැඩපිළිවෙළට විරෝධය දැක්වීම, රටට අවාසිදායක ව්‍යවස්ථාවක් ගෙන ඒම හා උතුරේ පළාත් සභා ඡන්දය මූලික කර ගනිමින් මෙම මහා රැලිය පැවැත​්වෙන බවද ඒ මහතා කීය.  


නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාව මෙම කරුණු පිළිබඳව දැනුවත් කරනු ලබන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.