ඒකාබද්ධ සහ ශ්‍රීලනිප 15 පිලේ මාධ්‍ය හමු එකට


 (අජන්ත කුමාර අගලකඩ) 

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප 15 දෙනාගේ කණ්ඩායම මේ සතියේ සිට ඒකාබද්ධ විපක්ෂය සමග එකට එක්ව මාධ්‍ය හමු පැවැත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. 

 ඒ අනුව බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකට 15 කණ්ඩායම ද සම්බන්ධ වනු ඇත. 


බත්තරමුල්ල, නෙළුම් මාවත කාර්යාලයේ හෙට (10) පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට ශ්‍රීලනිප 15 කණ්ඩායමෙන් පාර්ලිම්න්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සහභාගි වීමට නියමිතය. 
නෙළුම් මාවත කාර්යාලයේ මීට පෙර පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවලට 15 කණ්ඩායමේ මන්ත්‍රීවරු කිසිවෙක් සහභාගි නොවූහ. ඒකාබද්ධ විපක්ෂයත් 15 කණ්ඩායමත් එකට දේශපාලන කටයුතු සිදුකරන බැවින් මාධ්‍ය හමු ද එකට පැවැත්වීමට මෙසේ තීරණය කර අතැයි වාර්තා වේ.