ඒකාබද්ධ මෙහෙයුම් ආඥාපතිධුරයට වන්නි යුද බ්මේ ප්‍රවීණ ජනරාල්වරයෙක්


(ප්‍රේමකීර්ති රණතුංග)  

ඉස්ලාම් ත්‍රස්තවාදය මැඩ පැවැත්වීම සඳහා පිහිටුවීමට නියමිත ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ ප්‍රධානියා ලෙස වන්නි යුද බිමේ දක්ෂතා පෙන්වූ සුප්‍රකට මේජර් ජනරාල්වරයකු පත් කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.  

ශ්‍රී ලංකාව සහ ලෝකය සලිත කරමින් ඉස්ලාම් ත්‍රස්තවාදීන් ඉකුත් ඉරිදා එල්ල කළ ප්‍රහාරයෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම තීරණය ගෙන ඇත්තේ දේශපාලන පක්ෂ නායකයන් ගණනාවක් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුවය.  


මෙම ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයට නිශ්චිත කාලසීමාවක් ඉලක්ක කරගත් වැඩ පිළිවෙළක් පැවරෙනු ඇතැයි ද ඒ සඳහා සියලු බලතල ලබාදෙනු ඇතැයි ද සඳහන් වේ.  
මෙයට අමතරව ඉකුත් යුද සමයේ සුවිශේෂ බුද්ධි මෙ​ෙහයුම් සිදුකර කොටි ත්‍රස්තවාදීන් හඹා ගිය නිලධාරීන් ගණනාවක් රහස් ඔත්තු සේවා මුල් පුටුවලට පත් කෙරෙනු ඇති බවද එම දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.