ඒකාබද්ධ උද්ඝෝෂණයට ශ්‍රීලනිප 15 කල්ලියේ සහාය


(අජන්ත කුමාර අගලකඩ)  

ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ලබන 5 වැනිද‌ා කොළඹ දී පවත්වන ජනතා උද්ඝෝෂණයට උපරිම සහාය දීමට ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප 15 දෙනාගේ කණ්ඩායම තීරණය කර ඇත.  

උද්ඝෝෂණය සංවිධානය කිරීමට පමණක් නොව එදින කොළඹට විශාල පිරිසක් සහභාගි කරවීමට තම කණ්ඩායම සෘජුවම සම්බන්ධ වන බව ශ්‍රීලනිප 15 දෙනාගේ කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඉරිද‌ා ලංකාදීපයට පැවැසීය.  


උද්​ඝෝෂණ​ෙය් සංවිධාන කටයුතු පිළිබඳ තම කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා කර ඇති බව කී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ආණ්ඩුව ගෙදර යැවීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ද කීවේය.