ඒකලට ගුවන් නගරයක්


(අජන්ත කුමාර අගලකඩ)  

කොළඹ වරාය නගරය මෙන් ගුවන් නගරයක් ඒකල ප්‍රදේශයේ ඉදිකිරීමට මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර ඇත.  

එම නගරය ඒකල ප්‍රදේශයේ පිහිටි අක්කර 85ක පමණ භූමි භාගයක ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ‘ඉරිද‌ා ලංකාදීප’යට පැවැසීය.  


විශාල ප්‍රමාණයේ ප්‍රදර්ශන ශාලාවක්, හෝටල්, සාප්පු සංකීර්ණ ඇතුළු පහසුකම් රැසක් එහි ඇතිකෙරෙන බව ද ඔහු කීවේය.