ඒක පුද්ගල ණය අනුපාතය ගිය වසරට වඩා ඉහළ ගිහින්


(උපුල් වික්‍රමසිංහ) 

රාජ්‍ය ණය ශේෂය මධ්‍ය වාර්ෂික ජනගහනය සමග සැසඳීමේ දී 2018 වසර අවසන් ​ෙවන විට ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් පන් ලක්ෂ විසි දහස් තුන්සිය හැට හතරක් (520,364) වී යැයි 2018 වසරේ විගණකාධිපති වාර්තාවෙහි දැක්වෙයි. 

2017 වසරේ ඒක පුද්ගල ණය ප්‍රමාණය වූ රුපියල් හාර ලක්ෂ හතළිස් හත් දහස් එකසිය විසි තුන (447,123) හා සැසඳීමේදී 2018 වසර අවසන් ​ෙවන විට ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් හැත්තෑ තුන් දහස් දෙසිය හතළිස් එකකින් (73241) එනම් 16.38‌%න් ඉහළ ගොස් ඇති බවද එම වාර්තාව පෙන්වා දෙයි. 


රාජ්‍ය ණය ශේෂයෙන් සියයට 45ක් විදේශ ණයවීම් හා රුපියල අවප්‍රමාණය වීමේ බලපෑම හේතුවෙන් ඒක පුද්ගල ණය ප්‍රමාණයේ තථ්‍ය වටිනාකම ඉහළ අගයක් ගෙන ඇතැයි ද එම විගණකාධිපති වාර්තාවෙහි වැඩිදුරටත් සඳහන් වෙයි.