එ්කාබද්ධ විපක්ෂයේ ජනපති අපේක්ෂක අගෝස්තුවේ කරළියට


(අජන්ත කුමාර අගලකඩ)  
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලබන අගෝස්තු මාසයේ දී පමණ නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි වාර්තා වේ.  

එය ​ෙපාදුජන පෙරමුණේ සමුළුවකදී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කෙරෙන්නේ ද නැතිනම් එම අපේක්ෂකයා ඒකාබද්ධ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බැවින් පක්ෂ නායකයින්ගේ රැස්වීමක දී හිටපු ජනාධිපතිවරයා විසින්ම ප්‍රකාශයට පත්කෙරෙන්නේ ද යන්න මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශකයෙක් ‘ඉරිදා ලංකාදීප’යට පැවැසීය.  


ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන ආකාරය සම්බන්ධයෙන් විපක්ෂය තුළ මත දෙකක් තිබෙන බව කී එම ප්‍රකාශකයා එය සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බව සඳහන් කළේය. පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට බොහෝදුරට ඉඩ ඇති බව ද ඔහු කීවේය.  


සිංගප්පූරු රෝහලක දී සැත්කමකට භාජනය වී සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝ්‍ඨාභය රාජපක්ෂ මහතා සති දෙකකට පමණ පසුව දිවයිනට පැමිණෙනු ඇතැයි ද එම ප්‍රකාශකයා පැවැසීය.