එපා කියද්දීත් මහා පරිමාණ කටවුට්


(දයාසීලි ලියනගේ)  

මැතිවරණ කාර්යාලවල මහා පරිමාණ කටවුට් ප්‍රදර්ශනය නොකළ යුතු බවට මැතිවරණ කොමිසම ලබා දී ඇති උපදෙස් නොසලකා හරිමින් රටපුරා අපේක්ෂක කාර්යාලවල මහාපරිමාණ කටවුට් ප්‍රදර්ශනය වෙමින් පවතින බව වාර්තා වේ.  

පසුගිය කාලය තුළ පැවැති මැතිවරණවලදී කාර්යාලවල කටවුට් ප්‍රදර්ශනය කරනු ලැබුවත් මැතිවරණ කොමිසමට ඇති බලතල යටතේ කටවුට් ප්‍රදර්ශනය කිරීම තහනම් කර ඇතැයි කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.  


නීතිය හරියාකාරව ක්‍රියාත්මක කිරීම සඳහා මෙම කටවුට් ඉවත් කිරීමට පොලිසියට උපදෙස් දෙනු ලබන බව ද ඔහු ප්‍රකාශ කළේය.  


මුදල් වියදම් කළ හැකි අපේක්ෂකයන් විශාල ප්‍රමාණයේ කටවුට් ප්‍රදර්ශනය කිරීම මගින් මුදල් වියදම් කළ නොහැකි අපේක්ෂකයන්ට බලවත් අසාධාරණයක් සිදුවන බව ද ඔහු කීය.