එන්ටර්ප්‍රයිස් සහ ගම්පෙරළිය සංවර්ධන වැඩට තවත් කෝටි 50ක්


(දයාසීලි ලියනගේ)   

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා හා ගම්පෙරළිය වැඩසටහන්වල බාහිර වියදම් වෙනුවෙන් කෝටි 50කට ආසන්න මුදලක් ලබාගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන ඇත.  

මෙම වැඩසටහන් යටතේ පොලී සහන ණය යෝජනා ක්‍රම 11ක්, මූල්‍ය නොවන පහසුකම් සලසන වැඩසටහන් දෙකක් ඇතුළුව යෝජනා ක්‍රම 16ක් හඳුන්වාදී ඇති බව සඳහන් කරන මුදල් අමාත්‍යාංශය මෙම වැඩසටහන් වටා ඇති අනෙකුත් කටයුතු වෙනුවෙන් මෙම මුදල අවශ්‍ය බවට ඉදිරිපත් කිරීමට යන කැබිනට් පත්‍රිකාවේ සඳහන් කර ඇති බව වාර්තා වේ.  
මෙම වැඩසටහන් දෙක මගින් යහපත් ප්‍රතිචාර ලැබී ඇති බව සඳහන් කරනු ලබන අමත්‍යාංශය ඒ එහි බාහිර කටයුතු සඳහා මෙම මුදල් අවශ්‍ය බව සඳහන් කර ඇත.