එජාපයේ සමහරු එකමුතු කමට බාධා කරනවා


මහලේකම් අකිල විරාජ් 

(දයාසීලි ලියනගේ)  
එක්සත් ජාතික පක්ෂයේම ඇතැම් අය කරනු ලබන ප්‍රකාශ නිසා පක්ෂයට හානිකර තත්ත්වයක් උද‌ාවී ඇති බව වාර්තා වේ.  

මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී පක්ෂයේ මහලේකම්, කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අඛිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේ තම දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය ලැබිය නොහැකි බව දන්නා මන්ත්‍රීවරුන් කීප දෙනෙක් කුමන්ත්‍රණකාරීව කටයුතු කරන බවයි.  


 විවිධ ප්‍රකාශ කරමින් පක්ෂයේ එකමුතුකමට හානි වෙන ආකාරයට කටයුතු කරන මෙම මන්ත්‍රීවරුන් පක්ෂයේ එකමුතු බවට හානිකර ආකාරයට අදහස් ප්‍රකාශ කරමින් සිටින බව කී අඛිල විරාජ් කාරියවසම් මහතා එය නවත්වා පක්ෂය භේදබින්න නොවී ඉදිරියට ගෙන යායුතු බව ද ප්‍රකාශ කළේය.  


අර්බුදකාරී බවකින් තොරව දැන් සියලුදෙනා එකමුතුවී සිටින අවස්ථාවේ එයට බාධාවන ආකාරයට ප්‍රකාශ කරමින් අවුල් සහගත තත්ත්වයක් ඇති කිරීම නොකළ යුතු බව ද ඔහු කීය.