එජාපයේ නායක වෙනස නත්තලට පෙර?


(දයාසීලි ලියනගේ)  

නත්තල් උත්සවයට පෙර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳ තීන්දුවකට එළඹීමට නියමිතව ඇත.  සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවකින් නත්තලට පෙර මේ පිළිබඳව තීරණය කිරීම සඳහා පක්ෂයේ මහ සමුළුවක් කැඳවන ලෙසට ඉල්ලා ඇත.  


පක්ෂයේ ඉදිරි කටයුතු කරගෙන යාම පිළිබඳ පැහැදිලි එකඟතාවකින් කටයුතු කිරීම අවශ්‍ය නිසා මහ සමුළුවේදී මේ සම්බන්ධව තීරණයක් ගත යුතු බවට යෝජනා කර ඇතැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.  


එම යෝජනාව ක්‍රියාත්මක කරන ලෙස පක්ෂයේ බහුතරය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටි බව ද සඳහන් වේ.