එජාපයේ නව සන්ධානයට දස දෙනකුගෙන් යුතු නායකත්ව මණ්ඩලයක්


(අජන්ත කුමාර අගලකඩ)  

එක්සත් ජාතික පක්ෂය ඇතුළුව, ආණ්ඩුව සමග සිටින දේශපාලන පක්ෂ එකතුව පිහිටුවීමට නියමිත නව දේශපාලන සන්ධානය සඳහා දසදෙනකුට නොඅඩු සාමාජිකයන්ගෙන් යුත් නායකත්ව මණ්ඩලයක් පත්කිරීමට යෝජනා වී ඇත.  


නායකත්ව මණ්ඩලයේ සභාපතිත්වය සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පත්කිරීමටත්, එහි වැඩි ඡන්ද බලයක් එජාපයට හිමිවීමටත් යෝජනා වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග කියයි.  

මේ අතර නව දේශපාලන සන්ධානය සඳහා 50 දෙනකුගෙන් පමණ යුත් විධායක කමිටුවක් පත්කිරීමට ද සන්ධානයේ ව්‍යවස්ථාව මගින් යෝජනා වී ඇති බව පැවැසේ.  


ඉදිරි ජනාධිපතිවරණයට එජාපය ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම නායකත්ව මණ්ඩලය මගින් සිදුකෙරෙනු ඇති බව රජයේ ආරංචිමාර්ග කියයි.