එජාපයේ තරුණ පිරිසට බලතල දීම ඇරඹේ


(දයාසීලි ලියනගේ)  
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිව්‍යූුහගත කිරීම් සඳහා කෘත්‍යාධිකාරි මණ්ඩලය ඊයේ සහ අද (7, 8) සිරිකොත මන්දිරයේ දී රැස්වීමට නියමිතව තිබිණ.  

එහිදී පක්ෂයේ තරුණ කණ්ඩායමකට තනතුරු ලබා දීමට නියමිතව ඇති නිසා දින දෙකක් කෘත්‍යාධිකාරි මණ්ඩලය එක දිගටම රැස්වී තීන්දු තීරණවලට එළඹෙනු ඇතැයි පක්ෂ​ෙය් ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.  


පක්ෂයේ මහ ලේකම් ඇමැති කබීර් හෂීම් මහතා දැනටමත් සිය තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇති නිසා එම තනතුරට අකිල විරාජ් කාරියවසම් මහතා පත් කෙරෙනු ඇතැයි සඳහන් වේ.  


මීට අමතරව තරුණ දේශපාලනඥයන් ගණනාවකට අලුතෙන් තනතුරු හිමිවනු ඇතැයි ද වාර්තා වේ.