එජාපයට හා ශ්‍රීලනිපයට බලය ලැබෙනවා නම් ගම සංවර්ධනය කරන්න පුළුවන්


එක්සත් ජාතික පක්ෂයට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගමේ බලයත් ලැබෙනවා නම් රටට යහපත් දේ කළා වගේ ගම සංවර්ධනය කිරීමටද හැකිවන බව ඛනිජ තෙල් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතා කියයි.  

පක්ෂ දේශපාලනය නොව අද රටට අවශ්‍ය වන්නේ සියලු දෙනාම එක්වී යන ගමනක් බව ප්‍රකාශ කළ ඇමැතිවරයා ඉදිරි අනාගතයට තවත් යුද්ධයක් ඇති නොවන ලෙස කටයුතු කර රට හරි මාර්ගයට ගෙනයාම ඉතාම වැදගත් බවද ප්‍රකාශ කළේය.  ප්‍රධාන පක්ෂ දෙක එකතුවීම සම්බන්ධයෙන් අඩුපාඩු තිබුණත් හොඳ වැඩක් කර තිබෙන නිසා එක්සත් ජාතික පක්ෂයටයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි පළාත් පාලන ආයතනවලත් බලය ලැබෙනවා නම් ගම සංවර්ධනය කිරීමත් ඉතා පහසුවක් වන බවද ඇමැතිවරයා කීය.