එජාප විශේෂ කාන්තා සමුළුව 8 වැනිදා


(දයාසීලි ලියනගේ)  

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් එක්සත් ජාතික පක්ෂය මෙහෙයවන විශේෂ කාන්තා සමුළුව ලබන 8 වැනිදා පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත මූලස්ථානයේ දී පැවැත්වේ.  

මෙම සමුළුවේදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක් වන අමරා පියසීලි රත්නායක මහත්මියට හා සුනේත්‍රා රණසිංහ මහත්මියට උපහාර පිදෙන බව හිටපු පළාත් සභා මන්ත්‍රීනි ශාන්තිනි කෝංගහගේ මහත්මිය ප්‍රකාශ කළාය. මීට අමතරව ජිනීවා මානව හිමිකම් බලපෑම, ආර්ථිකය කඩා වැටීම ඇතුළු ප්‍රධාන මාතෘකා කීපයක් පිළිබඳවම කාන්තාවන් දැනුවත් කිරීමට සැලසුම් කර ඇති බව ද කෝංගහගේ මහත්මිය කීවාය.