එජාප ප්‍රතිසංවිධානයට වාර්තාවක්


(නිමල කොඩිතුවක්කු)  

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය, නව නිලධාරි මණ්ඩලය සහ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල ඇතුළු පක්ෂයේ දේශපාලන කටයුතු අනාගතයේදී සිදුවිය යුතු ආකාරය පිළිබඳව සකස් කෙරුණු වාර්තාව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දී ඇත.  

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු වාර්තාවට අද‌ාළව පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ හමුව මේ සතියේ දී පැවැත්වීමට නියමිත අතර එහිදී පක්ෂ නායකත්වය, නව නිලධාරි මණ්ඩලය සහ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල යන කරුණු සාකච්ඡා කර සියල්ල සම්බන්ධයෙන් එකවර තීරණයක් ගැනීමට නියමිතව ඇත.  


එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ පක්ෂ ජ්‍යෙෂ්ඨයන් විසින් මෙම වාර්තාව සකස් කරනු ලැබීය.