එජාප පසුපෙළට මිලියන 50 බැගින්


(දයාසීලි ලියනගේ)  

ගම්පෙරළිය වැඩසටහන යටතේ ලබා දුන් ආධාරවලට අමතරව ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුනට රුපියල් මිලියන 50 බැගින් ලබා දීමට එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.  

රටේ සංවර්ධන කටයුතු වලට ප්‍රමුඛ ස්ථානය ලබා දිය යුතු බවට ද අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇත. මීට අමතරව ප්‍රාදේශීය මට්ටමේ සංවර්ධන කටයුතු පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා මෙම වැඩපිළිවෙල පිළිබඳව ප්‍රාදේශීය මට්ටමේ මාධ්‍ය දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසට උපදෙස් දී ඇතැයි අධිකරණ අමාත්‍යාංශයේ අධික්ෂණ මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා කීය.  


රජයෙන් සිදුකරන සංවර්ධන ක්‍රියා පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් හරියාකාරව සිදුනොවන බැවින් මින් ඉදිරියට ඒ තත්ත්වය වැළැක්වීමට මන්ත්‍රීවරු පියවර ගතයුතු බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.