එජාප පසුපෙළ මන්ත්‍රීන්ට ආසනයේ නිශ්චිත වගකීම්


(දයාසීලි ලියනගේ)  

එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ සියලුම පසුපෙළ මන්ත්‍රීවරුනට නිශ්චිත වගකීම් පැවරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.  

 ඒ අනුව සෑම මන්ත්‍රීවරයකුටම සිය ආසනයේ මූලික ප්‍රශ්න විසඳ‌ා ගැනීම සඳහා රුපියල් මිලියන 300 බැගින් වූ මුදලක් ලබා දීමට සැලසුම් කර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.  අධික්ෂණ මන්ත්‍රී පදවි පිරිනැමීම සම්බන්ධයෙන් මෙතෙක් එකඟතාවයකට පත්වී නොමැති අතර ඒ වෙනුවට පසුපෙළ මන්ත්‍රීවරුනට වගකීම බාරදී ඒවා ඉටුකරලීමට අවශ්‍ය සහාය රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දීමට තීරණය කර ඇතැයි ද ඔහු කීය.