එජාප නායකයා වෙනස් නොවුණොත් මන්ත්‍රීන් 12 ක් ඡන්ද වර්ජනයක


(දයාසීලි ලියනගේ)   

එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ වෙනසක් නොවුන හොත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඇතුළු මන්ත්‍රීවරු 12 දෙනෙක් තීරණය කර සිටිති.   

මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී හිටපු රාජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කළේ පක්ෂයේ නායකත්වය වෙනස් විය යුතු වෙන අතර එසේ නොමැතිව පක්ෂයේ ජයග්‍රහණයක් ලැබිය නොහැකි නිසා මේ තීන්දුව ගනු ලැබූ බවයි.   


 වෙනත් පක්ෂයක් පිහිටුවීමට හෝ වෙනත් පක්ෂයකට සම්බන්ධ වීමට අප 12 දෙනා බලාපොරොත්තු නොවන බව ද අශෝක් අබේසිංහ මහතා කීය. පක්ෂ නායකත්වය පිළිබඳව ලබන සතිය තුළදී අවසන් තීරණයකට එළඹිය යුතු බව ද ඔහු ප්‍රකාශ කළේය.   


 මේ අතර පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය සජිත් ප්‍රේමද‌ාස මහතාට ලබා දෙන ලෙසට කතානායකවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.