එජාප ජාතික සැලැස්ම ලබන ජනවාරියේ


(දයාසීලි ලියනගේ)   

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සැලැස්ම ලබන ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බව නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සඳහන් කරයි.   

 මේ වන විට එම සැලැස්ම සඳහා අවශ්‍ය යෝජනා හා අදහස් ලබා ගැනීමට පක්ෂයේ ආසන සංවිධායකවරු හා ක්‍රියාකාරීන් සමග සාකච්ඡා කරමින් සිටී.   


 කාලයට ගැලපෙන නව මුහුණුවරකින් ජාතික සැලැස්ම ඉදිරිපත් කිරීමට විජයවර්ධන මහතා පියවර ගෙන ඇති බව ද වාර්තා වේ.