එජාප නියෝජ්‍ය නායක රුවන් පක්ෂ ක්‍රියාකාරීන් හමුවෙයි


 (නිමල කොඩිතුවක්කු)   

කොවිඩ් වසංගතයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතු ආරම්භ කිරීමේ පළමු පියවර ලෙස නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මේ සතියේ දී අනුරාධපුරය සහ මහනුවර දිස්ත්‍රික්කවල පක්ෂ ක්‍රියාකාරීන් හමුවීමට නියමිතය.   

අනතුරුව දිස්ත්‍රික් මට්ටමින් පක්ෂ ක්‍රියාකාරීන් හමුවී ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ උපදෙස් දීමට බලාපොරොත්තු වෙයි.   


ලබන වර්ෂය සඳහා එක්සත් ජාතික පක්ෂය නව නිලධාරි මණ්ඩලය පත් කිරීමද ඉහත වැඩපිළිවෙළ අතරතුර දී කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ ​ජ්‍යෙෂ්ඨයන්ට උපදෙස් දී තිබේ.   
සම්පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත විධිවිධාන අනුගමනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන වැඩකටයුතු ආරම්භ කිරීමට නියමිතය.