එජාප කණ්ඩායම් දෙක එකම ලකුණින් ඡන්දයට? අර්බුද සමනය කරගන්න සාකච්ඡා


(දයාසීලි ලියනගේ)  

සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය අතර පවත්නා අර්බුදය නිමකර එකම ලාංඡනයක් යටතේ එක්ව තරග වැදීම සඳහා වූ සාකච්ඡා මේ දිනවල පැවැත්වෙන බව එම පක්ෂයේ දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.  

කුමන ලාංඡනයකින් වුවත් මහ මැතිවරණයට ඉදිරිපත් වෙන බවට සමගි ජන බලවේගය අවසන් තීරණයකට එළඹි ඇති නිසා දැන් අලියා ලකුණ ලැබුණත් නොලැබුණත් කිසිදු ගැටලුවක් නොවන බව එම පක්ෂයේ අදහස වී ඇත.  


මේ අතර පක්ෂ නායකත්වය කරු ජයසූරිය මහතාට ලබා දීමට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් පිරිසක් ඉදිරිපත් කරන ලද යෝජනාවට ඒ මහතා දැඩි ප්‍රසාදයක් දක්වා නැති අතර රනිල් වික්‍රමසිංහ මහතා ද ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් දක්වා නැති බව වාර්තා වේ.  


නාම යෝජනා බාර දීමට ඇත්තේ තව දින කීපයක් නිසාත් පක්ෂය භේද නොවිය යුතු බවට බහුතරය දක්වන දැඩි බලපෑම නිසාත් එකඟතාවක් මත අලියා ලකුණින් තරග කිරීම අවසාන තීරණය වනු ඇතැයි විශ්වාස කරයි.