එජනිස මහලේකම් වෙන්න එස්.බී. දැඩි සටනක


(අජන්ත කුමාර අගලකඩ)  

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධුරය ලබා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා උත්සාහයක නිරත වී සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.  

කලක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරය හෙබවූ එස්.බී. දිසානායක මහතා පසුව එක්සත් ජාතික පක්ෂයට එක්වී එහි ජාතික සංවිධායක ධුරයට ද පත් විය.  


පසුව යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වූ ඔහු මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස ද කටයුතු කරයි.  


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලධාරි මණ්ඩලය වෙනස් කළ යුතු බව ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්ඩායම දිගින් දිගටම ප්‍රකාශ කරමින් සිටින අතර ඒ සමගම සන්ධානයේ මහලේකම් ධුරයට පත්වීමට එස්.බී. දිසානායක මහතා දැඩි උත්සාහයක යෙදී සිටින බව වාර්තා වේ.