එක්ටා ගිවිසුම දැන් අවසන් අදියරට ඇවිත්


ඉන්දීය රජය කියයි   

​(ප්‍රේමකීර්ති රණතුංග ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට......)   

ඉන්දු-ලංකා වෙළෙඳ ගිවිසුම හෙවත් එක්ටා ගිවිසුම සකස් කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බව ඉන්දීය රජය කියයි. 

ශ්‍රී ලංකාව සෑහීමට පත්වන ​අයුරින් එහි කටයුතු ඉදිරියට පවත්වා ගෙනයාමට සූදානම් බව ද ඉන්දීය රජය සඳහන් කරයි.   


ඉකුත් දා ඉන්දියාවේ සංචාරයක යෙදුණු ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් පිරිසක් අමතමින් ඉන්දීය රජයේ ඉහළ නිලධාරීහු පිරිසක් එසේ පැවසූහ.   


මත්තල ගුවන් තොටුපොළ වාණිජ ගුවන් තොටුපොළක් ලෙස ශ්‍රී ලංකාව සමග හවුලේ පවත්වාගෙන යාමට ඉන්දියාව සූදානම් බව පැවසූ ඔවුහු කිසිදු දිනෙක ශ්‍රී ලංකාවේ ගුවන් කඳවුරක් පවත්වාගෙන යෑමේ අදහසක් නොමැති බව ද පැවසූහ.