උසාවි ගියොත් මුහුණ දෙන්න ආණ්ඩුවෙන් නීති විශාරද කණ්ඩායමක්


(අජන්ත කුමාර අගලකඩ)  

විසුරුවාහැර ඇති පාර්ලිමේන්තුව යළි කැඳවන්නැයි ඉල්ලා කවුරුන් හෝ අධිකරණයට යොමු වන්නේ නම් ඊට එරෙහිව කරුණු ඉදිරිපත් කිරීම සඳහා නීති විශාරදයන් කණ්ඩායමකගේ සහාය ලබාගැනීමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇත.  

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.ඇල්. පීරිස් මහතාගේ නිවසේ බදාදා (22) රාත්‍රී පැවැති ආණ්‍ඩු පක්ෂයේ පක්ෂ නායකයන්ගේ විශේෂ හමුවේදී ද මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ.  


මහාචාර්ය ජී.ඇල් පීරිස්, පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ඇමැති දිනේෂ් ගුණවර්ධන, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවිංශ, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් එම සාකච්ඡාවට සහභාගි වී ඇත.