උසස් පෙළ අගෝස්තුවේ නෑ ?


(දයාසීලි ලියනගේ)  

ලබන අගෝස්තු මස 4 වැනිදා ආරම්භවීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වේ.  
මේ වසරේ මුල් මාස කීපයේම අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට නොහැකිවීම නිසා විභාගයේ ගුණාත්මක බව අඩු නොකරන ලෙස අධ්‍යාපන අංශවලින් කරන ලද ඉල්ලීමට අනුව විභාගය කල් දැමීමට සිදුවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.  
උසස් පෙළ විභාග ප්‍රශ්නපත්‍ර සැකසීම සම්බන්ධයෙන්ද විවිධ යෝජනා ඉදිරිපත් වී තිබූ බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.  

කෙසේ වෙතත් විභාගය කල් දැමීමට මැතිවරණය හේතුවක් නොවන බව ද ඔහු කීය.  
අගෝස්තු මාසයේ පාසල් නිවාඩුව ලබා නොදී පාසල් පවත්වාගෙන යාමට සිදුවනු ඇතැයි ද එම නිලධාරියා කීය.  


ඒ අනුව උසස් පෙළ විභාගය සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට බොහෝ දුරට ඉඩකඩ තිබෙන බව ද සඳහන් වේ.