උදර්පණ නීතියෙන් මහේන්ද්‍රන් ගේන්න බෑ


(දයාසීලි ලියනගේ) 

සිංගප්පූරු ජාතිකයෙක් වූ අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට පිටුවහල් කළ හැක්කේ ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලීය රටක් වශයෙන් ඇති බැඳීම හා දෙරටේ සුහදතාවය මත බව කොළඹ විශ්වවිද්‍යාලයේ පොදු අන්තර් ජාතික නීතිය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීති අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මේනක හරංකහව මහතා කීය. 

උදර්පන නීතිය යටතේ ක්‍රියාත්මක විය හැක්​ෙක් මෙරට රැඳී සිටින විදේශිකයකු සම්බන්ධයෙන් වන අතර එම නීතිය යටතේ විදේශයක සිටින පුද්ගලයකු සම්බන්ධයෙන් බලපෑමක් කළ නොහැකි බව ද ආචාර්ය හරංකහව මහතා ප්‍රකාශ කළේය. අර්ජුන් මහේන්ද්‍රන් අධිකරණයට අවශ්‍ය පුද්ගලයෙක් වශයෙන් මෙරටට ගෙන්වා ගත හැක්​ෙක් පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් රටක් වශයෙන් අධිකරණ අමාත්‍යාංශය හරහා කරනු ලබන ඉල්ලීමකින් වන අතර ඒ සඳහා සිංගප්පූරු රජයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබිය යුතු බව ද ඔහු කීය. 


මෙහිදී වැදගත් වන්නේ සිංගප්පූරු නීතියට අනුව යමෙකු රටෙන් පිටුවහල් කිරීමේදී එරටට ලබා දිය යුතු නීත්‍යානුකූල ලිපි ලේඛන කවරක් ද යන්න අප විසින් අධ්‍යයනය කිරීම මත අතර ඊට අනුකූලව අද‌ාළ ලියකියවිලි විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ඉදිරිපත් කළ යුතු වේ. 


එහෙත් පොදුරාජ්‍ය මණ්ඩලීය රටක් වශයෙන් පුද්ගලයකු තවත් රටකට බාර දීමට හෝ නොදීමට ද හැකියාවක් ඇති බවත් ආචාර්යවරයා ප්‍රකාශ කළේය.