උතුරේ මහඇමැතිකමට විග්නේෂ්වරන් නව සන්ධානයකින්


(නිශාන්ත කුමාර බණ්ඩාර) 
උතුරේ දෙමළ ජනතාවගේ ජනතා ප්‍රසාදය නිසා තමන් ඉදිරි පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වෙන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි. 


දෙමළ සන්ධානයෙන් ඒ සඳහා තමන්ට අවස්ථාව නොලැබුණහොත් වෙනත් දෙමළ පක්ෂ එකමුතුවකින් සන්ධානයක් පිහිටුවා ප්‍රධාන අමාත්‍ය අපේක්ෂක ධුරයට ඉදිරිපත් වෙන බව විග්නේෂ්වරන් මහතා පැවැසීය. 

දැනටමත් උතුරේ දෙමළ පක්ෂ කිහිපයකින් තමන්ට ඇරයුම් ලැබී ඇති අතර තමන්ගේ එකම අභිප්‍රාය උතුරේ දෙමළ ජනතාවගේ ගැටලු විසඳීම බවත් ඔහු සඳහන් කළේය. 


මේ අතර ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා ප්‍රකාශ කළේ තම සම්පූර්ණ සහය විග්නේෂ්වරන් මහතාට ලබාදෙන බවයි. 


ඔහු ඉදිරිපත් වෙන සන්ධානයේ ව්‍යවස්ථාව පිළිබඳ අධ්‍යයනය කොට ඉදිරියේදී ස්ථිර පිළිතුරක් ලබාදෙන බවද ඔහු සඳහන් කළේය.