උතුරේ මහ ඇමැති ඉවත් කිරීමට පක්‍ෂයේම පිරිසක් යටින් වැඩ


(නිශාන්ත කුමාර බණ්‍ඩාර)  
උතුරු පළාතේ ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා ඉවත් කොට පළාත් සභාවේ අස්ථාවර භාවයක් ඇතිකිරීමට දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු උත්සාහ ගන්නා බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා චෝදනා කරයි.

ෙද්ශපාලන විසඳුමක් නව ව්‍යවස්ථාව මගින් සම්මත කරගැනීමට ඔවුන් උත්සහ දරමින් සිටින බවත් ඊට ප්‍රධාන අමාත්‍යවරයා විරෝධය පළකිරීම හේතුවෙන් ඔහු ඉවත් කිරීමට කටයුතු කරන බව ඔහු පැවැසීය.  


කෙසේ වෙතත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ධුර කාලය අවසන් වනතුරු ඔහු බලයේ රඳවා තබා ගැනීමට උතුරේ පළාත් අමාත්‍යවරු ක්‍රියා කරන බවද ඔහු සඳහන් ක​ෙළ්ය.  


දෙමළ සන්ධානය තුළම රැඳී සිටිමින් එම සන්ධානය තුළ අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය කොට පටු දේශපාලන වාසි ලබා ගැනීමට එම මන්ත්‍රීවරයා ක්‍රියා කිරීම කනගාටුවට කරුණක් බව සිවාජිලිංගම් මහතා ප්‍රකාශ කළේය.