උතුරේ නිවාස වැඩසටහනට ඇමැති මනෝගෙන් දෝෂාරෝපණ


(දේශපාලන ලියුම්කරු)  

ඇමැති ස්වාමිනාදන්ගේ අමාත්‍යංශය යටතේ උතුරේ ජනයාට නිවාස ඉදිකිරීම සම්බන්ධයෙන් දැනට කරගෙන යන වැඩපිළිවෙළ කිසිසේත්ම සාර්ථක නැතැයි ජාතික භාෂා ඇමැති මනෝ ගනේෂන් මහතා මෙවර ඇමැති හමුවේ දී චෝදනා එල්ල කළේය. මේ සම්බන්ධයෙන් මනෝ සහ ස්වාමිනාදන් ඇමැතිවරුන් අතර වාග් හුවමාරුවක් ද සිදුවූ බව දැනගන්නට තිබේ.  

නිවාස සෑදීමේ කටයුතු සඳහා අමාත්‍යංශය මගින් පත්කර ඇති නිලධාරියා අකාර්යක්ෂම බව මනෝ ගනේෂන් ඇමැතිවරයා පෙන්වා දුන් විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ ඔහු පත්කර ඇත්තේ උතුරේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම මත බවයි.  


මේ කතාබහ යන අතරතුර නිවාස සෑදීමේ කටයුතු නිවාස අමාත්‍යංශයට භාර නොදෙන්නේ කුමක් නිසාදැයි මංගල සමරවීර හා සරත් අමුණුගම යන ඇමැතිවරුන් විමසා තිබේ.