උතුරේ දෙමළ පක්ෂ ඒකාධිකාරය බ්ඳින්න කාලය එළඹිලා


සමාජ ක්‍රියාකාරික අරූන් සිද්ධාර්ථන්

(නිශාන්ත කුමාර බණ්ඩාර)  

උතුර පළාතේ දෙමළ දේශපාලන පක්ෂ ගෙන යන ඒකාධිපති පාලනය වෙනස් කළ යුතු කාලය එළඹ ඇතැයි සමාජ සාධාරණත්වය සඳහා වූ තරුණ ව්‍යාපාරයේ කැඳවුම්කරු අරූන් සිද්ධාර්ථන් මහතා පවසයි.  

දී එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන් වීරයෙක් බවට උතුරේ දේශපාලන රැස්වීම්වල දී ප්‍රකාශ කළ ද දකුණේ දී වෙනත් ප්‍රකාශ කිරීම කාලයක සිට උතුරේ දෙමළ දේශපාලනඥයින්ගේ ප්‍රතිපත්තිය වී තිබේ.  


දිගින් දිගටම සිදු කරන මෙම ප්‍රකාශ වහාම නවත්වා උතුරේ ජනතාව රවටා ඡන්දය ලබා ගැනීමේ ක්‍රමවේදයට තිත තැබීමට කාලය දැන් එළඹ ඇතැයි ඔහු පැවසීය.  


මේ නිසා උතුරේ ජනතාවගේ ගැටලු විසඳන දේශපාලන පක්ෂයක් බිහිවිය යුතු බවත් දෙමළ ජනතාව තවදුරටත් මුලා නොකරන ලෙසත් උතුරේ දේශපාලන පක්ෂ නියෝජිතයන් ගෙන් ඔහු ඉල්ලා සිටියි.